Life
නිවසේදී සකස් කරගත හැකි රුධිර නාළ පිරිසිදුකර ගන්න පුරාණ ඖෂධ වට්ටෝරුවක්
සමාජයේ බොහෝ දෙනා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නොසිතන නිසා සුවදායක
දිවියක් ගත කිරීමට නොහැකි වෙනවා. ගන්නා විවිධ ආහාර වර්ග නිසා බොහෝ දුරට
සිදුවන දෙයක් තමයි රුධිර නාල තුළ මේදය තැන්පත් වීම. මෙය ඉතාමත් භයානක
දෙයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. රුධිරය සංසරණය කරන ධමනි තුළ මේදය තැන්පත්
වීමෙන් ලේ ගමනා ගමනයට බාධා ඇති වෙනවා. මේ නිසා හෘද ස්පන්දනය නැවැතී මොළයට
ලේ ගැලීම හෝ මරණය වැනි භයානක තත්ත්වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
අධික
තරබාරුව, අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් මට්ටම, ආතරයිටීස්, විවිධ
ආසාත්මිකතා හා දියවැඩියාව වැනි රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වගේම
දුම්පානය කරන මේදය සහිත ආහාර නිතර භාවිත කරන හා ව්‍යායාම නොකරන
පුද්ගලයන්ගේද රුධිර නාල තුළ මේදය තැන්පත් වීමේ විශාල අවධානමක් වී තිබෙනවා.
මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර වශයෙන් විවිධ ඖෂධ වර්ග, සැත්කම් තිබුණත් ඒ
තුළින් ගුණාත්මක ප්‍රතිඵලයක් ඇතැම් විට ලබා ගැනීමට නොහැකි වීම වර්තමානයේ
විශාල ගැටලුවක් වී තිබෙනවා.
අද ඔබට දැනගන්න පුළුවන් මෙවැනි
රෝගාබාධවලින් ඔබත් පීඩා විඳිනවානම් කිසිදු අතුරු ප්‍රතිඵලයක් ලබා නොදෙන
ස්වාභාවික ඖෂධ වට්ටෝරුවක් පිළියෙල කරගන්නා ආකාරයත්, මේ තුළින් ඔබට අවහිර
වූ ධමනි පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි මිදි කෝප්පයක් හොඳින් ගා ගත් ඉඟුරු මේස හැඳි 2 ක්, මී පැණි මේස හැඳි 2 ක්, හරිත තේ මේස හැඳි 4 ක්, වතුර ලීටරයක්.
සකස් කරගන්නා ආකාරය
මුලින්ම
සුදුසු භාජනයකට ජලය දමා මඳ ගින්නේ විනාඩි 10 ක් පමණ රත්කර ගන්න. භාජනය
ගින්නෙන් ඉවතට ගෙන එම ජලය වෙනත් භාජනයකට දමන්න. එයට අමුද්‍රව්‍ය සියල්ල
එක්කර හොඳින් මිශ්‍ර කරන්න. (බ්ලෙන්ඩ්ර් කරගන්න) එම භාජනයේ කට පිරිසිදු
කපු රෙද්දකින් ආවරණය කර පැය 8 ක් පමණ තබන්න. ඉන්පසුව දිනකට දෙවරක් මිලි
ලීටර් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් ආහාර ගැනීමට පෙර පානය කරන්න.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks